ටෙස්ට් තරග පැවැත්වීමට ඕමානයටත් ICC අනුමැතිය

Date:

ජාත්‍යන්තර තරග සදහා සිය ස්ථාවර සත්කාරක දේශය ලෙස ඕමානය යොදා ගැනීම සම්බන්ධයෙන් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

ඊයේ(11) දිනයේ දී ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ ඕමානයේ ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනය 1 (Oman Cricket Academy Ground 1) ටෙස්ට් ක්‍රීඩාංගනයක් ලෙස යොදා ගැනීමට අනුමැතිය ලබා දෙන බවයි.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබන මාසයේ දී තරගාවලියක් සංවිධාන කිරීමට ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සැලසුම් කරමින් සිටින පසුබිමකයි මෙම අනුමැතිය ලබා දී ඇත්තේ.

කෙසේ වෙතත්, සිම්බාබ්වේ දේශයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තරග දෙකකින් යුත් අදාළ ටෙස්ට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් තවමත් අවසන් එකගතාවයකට පැමිණීමට හැකි වී නැහැ.

අදාළ තරගාවලිය ඕමානයේ දී පැවැත්වීමට හැකි වුවහොත් ඕමානය ඉතිහාසගත වන්නේ ටෙස්ට් තරගයක් පවත්වනු ලබන පස්වැනි ටෙස්ට් වරම් නොලැබූ රට ලෙසයි.

මීට පෙර ටෙස්ට් වරම් නොලැබූ රටවල් ලෙසින් සිය රටේ දී ටෙස්ට් තරග පවත්වා තිබුණේ බංග්ලාදේශය, අයර්ලන්තය, සාජා(එක්සත් අරාබි රමීර්) සහ නෙදර්ලන්තය පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...