“11ක් හොයා ගන්න බැරිනම් ඊළග තරගයට මම ගහන්නම්” – ෂෙවාග්

Date:

ක්‍රීඩකයින්ගේ ආබාධ හේතුවෙන් ඔස්ට්‍රේලියානු තරග සංචාරයක නිරත ඉන්දීය කණ්ඩායම මේ වන විට අර්බුදයකට මුහුණ දී සිටිනවා.

දෙරට අතර පැවැත්වෙන සිව්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 15 වනදා බ්‍රිස්බේන් හී දී ආරම්භ වන අතර, ආබාධ හේතුවෙන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට එම තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති.

තෙවැනි තරගයට ක්‍රීඩා කළ ජස්ප්‍රිට් බුම්රා, රවීන්ද්‍ර ජඩේජා සහ හනුමා විහාරි යන ක්‍රීඩකයින්ට මේ වන විට සිව්වැනි තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව සදහන්.

රවිචන්ද්‍රන් අශ්වින් ද තෙවැනි තරගයේ දී ආබාධයකට ලක් වූ අතර, පුහුණුවීම් අතරතුර දී ආබාධයකට ලක් වූ මයාන්ක් අගාර්වල්ගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ද තවදුරටත් ඇත්තේ අපැහැදිලි බවක්.

කේ.එල්. රාහුල්, මොහොමඩ් ෂාමි සහ උමේෂ් යාදෙව් යන ක්‍රීඩකයින් ද ආබාධවලට ලක්වීම හේතුවෙන් යළි ඉන්දියාව වෙත පිටව ගොස් සිටිනවා.

ඒ අනුව සිව්වැනි ටෙස්ට් තරගයට කණ්ඩායම තේරීමේ දී පුහුණුකරු රවී ශාස්ත්‍රී සහ නායක අජින්කෙයා රහානේ දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බව නොරහසක්.

මේ සම්බන්ධයෙන් ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක විරේන්ද්‍ර ෂෙවාග් සිය ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් අපූර්ව අදහස් දැක්වීමක් සිදු කර තිබෙනවා.

ඒ, බ්‍රිස්බේන් ටෙස්ට් තරගයට ක්‍රීඩකයින් 11 දෙනෙකු තෝරා ගැනීමට නොහැකිනම් තමා ඔස්ට්‍රේලියාවට පැමිණ අදාළ තරගය සදහා ක්‍රීඩා කිරීමට සූදානම් බවටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...