ඔස්ට්‍රේලියාව ටෙස්ට් හා 20යි 20 පෙරමුණට – ශ්‍රී ලංකාවත් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කළා.

ඊට අනුව එහි ටෙස්ට් සහ 20යි 20 අංශයේ පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වීම විශේෂත්වයක්.

මෙතෙක් ටෙස්ට් වර්ගීකරණයේ පෙරමුණ ඉන්දියාව විසින් ද, 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ පාකිස්තානය විසින් ද හිමි කර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, වාර්ෂිකව සිදු කරන ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීමේ දී ඔවුන්ට එම ස්ථානයන් අහිමි වී තිබෙනවා.

මෙම යාවත්කාලීන කිරීමේ දී සිදු වන්නේ 2016-17 තරග වාරයට අදාළ තරග ප්‍රතිපල ශ්‍රේණිගත කිරීම් සදහා සලකා නොබැලීමයි.

කෙසේ වෙතත්, ලෝක ශූර එංගලන්තය එක්දින ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය තවදුරටත් රැක ගැනීමට සමත්ව තිබෙනවා.

නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දියාවට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

ඔවුන්ට එහි පෙරමුණ අහිමි වූයේ 2016 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් අනතුරුව වන අතර, පාකිස්තානයට 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ අහිමි වූයේ මාස 27කට පසුවයි.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි විශාලතම කඩා වැටීමට ලක්ව ඇත්තේ දකුණු අප්‍රිකාවයි.

ඔවුන්ට ප්‍රසාද ලකුණු 8ක් අහිමි වී ඇති අතර, ඒ අනුව දකුණු අප්‍රිකාව නවතම ශ්‍රේණිගත කිරීම්හි 6 වන ස්ථානය දක්වා පහළට ඇද වැටී ඇත්තේ ශ්‍රී ලංකාවට 5 වන ස්ථානය හිමි කර දෙමින්.

ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්හි 8 වන ස්ථානයේ ද, 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානයේ ද රැදී සිටිනවා.

ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ නවතම පුවත් එසැණින් දැන ගැනීම සදහා අපගේ ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...