“ඔයා රෝහිට් අයින් කරනවද? අදහගන්නත් බෑ” : පරාජයෙන් පසු කෝලි මාධ්‍ය සමගත් උරණ වෙයි

Date:

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක අයිතිය හිමි රට වන ප්‍රබල ඉන්දීය කණ්ඩායම ඊයේ තරගාවලිය ආරම්භ කළේ ඓතිහාසික හා අමිහිරි පරාජයක් සමගින්.

පාකිස්තාන කණ්ඩායම හමුවේ ඔවුන් කඩුලු 10කින් ලැබූ මෙම පරාජය ඉතිහාසගත වුණේ ඉන්දියාව ලෝක කුසලානයකදී පාකිස්තානය හමුවේ ලැබූ පළමු පරාජය ලෙසයි.

ප්‍රහාරාත්මක පිතිකරුවන් ලෙස නම් දරා සිටින ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ රෝහිට් ෂර්මා හා කේ.එල් රාහුල් මෙම තරගයේ දී අසාර්ථක වූ අතර, ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලකුණු 0කට හා ලකුණු 3කට දැවී ගියා.

පසුගිය තරගවලදී ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කළ ඉෂාන් කිෂන් මෙම තරගයට ක්‍රීඩා කළේ නම් එය ඉන්දියාවට වාසි සහගත වන්නට ඉඩ තිබූ බව බොහෝ දෙනෙකුගේ අදහසයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඊයේ තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී විරාට් කෝලිගෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර සිටියා.

ඊට කෝලි දැක් වූ ප්‍රතිචාරයනම් එතරම් සුබදායක වූයේ නැහැ.

ප්‍රශ්නය –

“කණ්ඩායමේ තේරීම් ගැන බොහෝ දෙනෙකු කතා කළා. ඉෂාන් කිෂන් පුහුණු තරගයේ දී හොදින් ක්‍රීඩා කළා. ඔබ හිතනවද වරදක් වුණා කියලා, ඉෂන් කිෂන් ක්‍රීඩා කරානම් රෝහිට් ෂර්මාට වඩා හොදින් දක්ෂතා දක්වන්න තිබුණා කියලා?”

කෝලිගේ පිළිතුර –

“ඒක හරිම නිර්භීත ප්‍රශ්නයක්. ඔබ හිතන්නේ මොකක්ද සර්. මම ක්‍රීඩා කළේ මට හොදම කියලා හිතුන කණ්ඩායමත් සමග. මොකක්ද ඔබේ අදහස?”

“ඔබ 20යි 20 ජාත්‍යන්තර තරගවලින් රෝහිට් ෂර්මා ඉවත් කරනවාද?  ඔබ දන්නවා ඔහු මොකක්ද කරේ කියලා අපි ක්‍රීඩා කරපු අවසන් තරගයේ දී…”

“අදහගන්නත් බෑ(සිහනවෙමින්)…” 

“සර්, ඔබට මතභේදයක් අවශ්‍යනම් මට කළින් කියන්න, මට ඒ අනුව පිළිතුරු දිය හැකියි.”

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...