පරාජයන් පසු උරණ වූ ඉන්දීය සිසුන් කාශ්මීර් සිසුන්ට පහර දෙයි

Date:

පංජාබ් ප්‍රදේශයේ අධ්‍යාපන ආයතන දෙකක ඉගෙනුම ලබමින් සිටින කාශ්මීර් සිසුන් පිරිසකට ඊයේ(24) රාත්‍රී කාලයේ දී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ, ඉන්දීය කණ්ඩායම මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ මුහුණ දුන් පළමු තරගයෙන් පාකිස්තානය හමුවේ පරාජයට වීමත් සමගයි.

පංජාබ්හි ඉංජිනේරු හා තාක්ෂණික ආයතනයක ඉගෙනුම ලබන සිසුන් පිරිසකට ශිෂ්‍ය නේවාසිකාගාරය තුළ දී එක් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ඊට අදාළ වීඩියෝ දර්ශන ද ප්‍රහාරයට ලක් වූ සිසුන් විසින් නිකුත් කර තිබෙනවා.

එම අධ්‍යාපන ආයතනය තුළ කාශ්මීර් සිසුන් 90 දෙනෙකු පමණ ඉගෙනුම ලබමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

උත්තර් ප්‍රදේශ් හා බිහාර් යන ප්‍රදේශවල සිසුන් 30 දෙනෙකු පමණ ද ඉගෙනුම ලබමින් සිට ඇති අතර, ඔවුන් විසින් කාශ්මීර් සිසුන්ගේ නේවාසිකාගාර වෙත කඩා වැදී මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

ඉන්දු – පාකිස්තාන තරගය ක්‍රියාත්මක වන අතරවාරයේ දී කාශ්මීර් සිසුන් පාකිස්තානය වෙනුවෙන් සහාය දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තරගයෙන් පසුව මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, පොලිස් නිළධාරීන් පැමිණ තත්ත්වය පාලනය කර තිබෙනවා.

සිසුන් දෙපාර්ශවය විසින් පොලීසිය ඉදිරිපිට දී ම සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති බව සදහන්.

අනෙක් සිදු වීම වාර්තා වන්නේ Rayat Bahrat විශ්වවිද්‍යාලයෙන්.

හර්යානා ප්‍රදේශයේ සිසුන් පිරිසක් විසින් මෙම පහර දීම සිදු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...