ඉන්දියාවට අන්ත පරාජයක්; පාකිස්තානය පළමු වරට ලෝක කුසලානයකදී ඉන්දියාව පරදයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් තරගය බවට පත් වූ ඉන්දියාව හා පාකිස්තානය අතර අද(24) පැවැති තරගයෙන් කඩුලු 10ක සුපිරි ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් වුණා.

මෙය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ඉන්දීය කණ්ඩායම පාකිස්තානය හමුවේ තරගයක් පරාජයට පත් වූ පළමු අවස්ථාව ලෙසයි ඉතිහාසගත වුණේ.

එමෙන්ම ඉන්දියාව කඩුලු 10කින් 20යි 20 තරගයක් පරාජයට පත් වූ පළමු අවස්ථාව ද අද තරගයයි.

ඩුබායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 151ක් රැස් කළා.

ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පළමු පන්දුවාරයෙන්ම රෝහිට් ෂර්මා ලකුණු නොලබා දැවී ගියේ ශහීන් ශාහ් අෆ්රිඩිගේ සුපිරි යෝකර් පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්.

කේ.එල් රාහුල් ද අෆ්රිඩිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර, ඔහු රැස් කළේ ලකුණු 3ක් පමණයි.

සූර්යකුමාර් යාදෙව් ලකුණු 11කට දැවී ගියා. අනතුරුව නායක විරාට් කෝලි හා රිෂාබ් පාන්ට් අතර 4 වැනි කඩුල්ල සදහා පන්දු 40කින් ලකුණු 53 ක සබදතාවයක් ගොඩ නැගුණා.

පාන්ට් ලකුණු 39ක් පන්දු 30කින් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් සමගින්.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් නායකත්වයේ වගකීම උපරිමයෙන් ඉටු කළ විරාට් කෝලි ලකුණු 57(49)ක් රැස් කළා.

හයේ පහරක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 31කට කඩුලු 3ක් දවා ගත්තා.

හසන් අලී ලකුණු 44කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 17.5ක් අවසානයේ දී කිසිදු කඩුල්ලක් නොදැවී පසු කර ගියේ ආරම්භක කඩුල්ල සදහා මොහොමඩ් රිස්වාන් හා බබාර් අසාම් අතර ගොඩ නැගුණු නොබිදුණු ලකුණු 152ක සබදතාවය හේතුවෙන්.

රිස්වාන් පන්දු 55කින් නොදැවී ලකුණු 79ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් සමගින්.

නායක බබාර් අසාම් පන්දු 52කින් නොදැවී ලකුණු 68යි. හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් ඊට ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...