එල්ල වූ විවේචනවලට පැට් කමින්ස් පිළිතුරු දෙයි

Date:

ඔස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර් ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මෙතෙක් දැරූ සිය නිහඩතාවය බිද දැමීමට එරට ටෙස්ට් නායක පැට් කමින්ස් කටයුතු කර තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැට් කමින්ස් සදහන් කර සිටියේ ඉදිරියේ දී කණ්ඩායම සදහා “නව පුහුණු විලාසයක්” අවශ්‍ය බවයි.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් එරට ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් ධූරයෙන් ඉල්ලා අස් වීමට ගත් තීරණය පිළිගනු ලැබුවේ පසුගිය සෙනසුරා දිනයේ දී යි.

“ජස්ටින් හට ඔහුගේ වර්තමාන කොන්ත්‍රාත්තුවට කෙටි කාලීන දිගුවක් පිරිනමනු ලැබූවත්, කණගාටුදායක ලෙස ඔහු එය භාර නොගැනීමට තීරණය කර ඇත.” යනුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළා.

අනතුරුව ලැන්ගර්ට පක්ෂව ප්‍රසිද්ධියේ ස්ථාවරයක් ප්‍රකාශ නොකිරීම හේතුවෙන් පැට් කමින්ස් එරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ විවේචනයට ලක් වුණා.

රිකී පොන්ටින්, මැතිව් හේඩ්න්, මිචෙල් ජොන්සන් යන ක්‍රීඩකයින් ද ඒ අතර වුණා.

ඔස්ට්‍රේලියානු ටෙස්ට් නායකයාට තමන්ගේම පුහුණුකරුවෙකු ගෙන්වා ගැනීමේ න්‍යාය පත්‍රයක් ඇති බවටයි මිචෙල් ජොන්සන් සදහන් කර තිබුණේ.

“බොහෝ හිටපු ක්‍රීඩකයින් මා හා සම්බන්ධ වී නිහඬව මට ඔවුන්ගේ උපදෙස් ලබා දුන්නා, එය සාදරයෙන් පිළිගන්නවා. තවත් සමහරු මාධ්‍යවල ප්‍රකාශ නිකුත් කර තිබෙනවා, එය ද සාදරයෙන් පිළිගන්නවා. ” යනුවෙන් පැට් කමින්ස් සදහන් කළා.

“සියලුම පැරණි ක්‍රීඩකයන්ට, මට මෙසේ පැවසීමට අවශ්‍යයි. ඔබ සැමවිටම ඔබේ සහකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නා සේම, මම මගේ අය වෙනුවෙන් පෙනී සිටිනවා”

අදාළ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව පැට් කමින්ස් මාධ්‍ය සාකච්ඡාවකට ද එක් වුණා.

හිටපු පුහුණුකරු ජස්ටින් ලැන්ගර්ගේ දැඩි බව සම්බන්ධයෙන් ක්‍රීඩකයින්ට කිසිදු ගැටලුවක් නොතිබූ නමුත්, “වඩා සහයෝගී” ප්‍රවේශයකින් කණ්ඩායමට වාසියක් ලැබෙනු ඇති බවටයි ඔහු විශ්වාසය පල කරන්නේ.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ සහයෝගය පුහුණුකරු වෙත නොලැබෙන බවටත්, පුහුණුකරුගේ නායකත්ව ක්‍රමවේදය සම්බන්ධයෙන් ක්‍රීඩකයින් නොසතුටට පත්ව ඇති බවටත්, ජස්ටින් ලැන්ගර් ධූරයෙන් ඉල්ලා අස්වීමට පෙර වාර්තා පලව තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...