එම් එස් දෝනිට අද ශල්‍යකර්මයක් ?

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි අද (1) දිනයේ දී ශල්‍යකර්මයකට මුහුණ දීමට ඉඩ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහුගේ වම් දණහිසෙහි ඇතිව තිබෙන ආබාධය හේතුවෙන් මෙලෙස ඔහු අද දිනයේ දී ශල්‍යකර්මයකට මුහුණ දීමට ඉඩ ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

පසුගියදා නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම සදහා චෙන්නායි කණ්ඩායමට නායකත්වය ලබා දුන් දෝනි ලබන වසරේ දී ද යළිත් අයි.පී.එල් පිටියට පිවිසීමේ අරමුණින් පසුවනවා.

කෙසේ වෙතත්, මෙවර තරගාවලිය ද ඔහු ක්‍රීඩා කළේ දණහිසේ ආබාධ තත්ත්වය සමගයි.

ඒ අනුව අයි.පී.එල් තරගාවලිය නිමා වීමත් සමග දෝනි සිය ආබාධය සුව කර ගැනීමට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් මුම්බායි නුවර රෝහලක් වෙත පිටත්ව ගොස් තිබූ අතර, අද දිනයේ දී ඇතැම් විට ශල්‍යකර්මයකට ද මුහුණ දීමට ඉඩ ඇති බව සදහන්.

ජූලි මාසයේ දී 42 වන වියට පා තබන දෝනි මෙවර තරග වාරයේ දී ඉනිම 12 කදී ලකුණු 104 ක් රැස් කළේ පන්දු 57 කට පමණක් මුහුණ දෙමින්. හයේ පහර 10 ක් ද ඔහු එල්ල කළ අතර, ප්‍රහාරාත්මක වේගය සටහන්ව තිබුණේ 182.45 ක් ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...