ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන තරගාවලියේ තරග නිළධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර හෙට(2) ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන තරග නිළධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ දී තරග තීරකවරයා ලෙස කටයුතු කරන්නේ රංජන් මඩුගල්ල මහතායි.

විනිසුරුවන් 5 දෙනෙකු තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති අතර, ඉන් දෙදෙනෙකු විදෙස් විනිසුරුවරුන් වනවා.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

ජූනි දෙවැනිදා එනම් හෙට දිනයේ දී පළමු එක්දින තරගය ද, ජූනි 4 වැනිදා දෙවැනි එක්දින තරගය ද, ජූනි 7 වැනිදා අවසන් එක්දින තරගය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Match Officials for the Afghanistan Tour of Sri Lanka 2023

Match Referee

1. Ranjan Madugalle – ICC Chief Match Referee

Umpire Panel

1. Michael Gough – Member – ICC Elite Panel of Umpires
2. Nitin Menon – Member – ICC Elite Panel of Umpires
3. Ruchira Palliyaguruge – ICC International Panel of Umpires
4. Lyndon Hannibal – ICC International Panel of Umpires
5. Prageeth Rambukwella – ICC International Panel of Umpires

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...