“මේක තමයි හොදම අවස්ථාව විශ්‍රාම ගැනීම නිවේදනය කරන්න, ඒත්…” : දෝනි

Date:

සිය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තමා ලබන වසරේ දී යළිත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට උත්සාහ කරන බව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පවසනවා.

5 වැනි වරටත් අයි.පී.එල් ශූරතාවය දිනා ගැනීමෙන් පසුව පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට හොදම අවස්ථාව ශූරතාවය ජය ගත් මෙම අවස්ථාව වන නමුත්, තවත් තරග වාරයක් ක්‍රීඩා කරමින් තමාගේ ප්‍රේක්ෂකයින්ට ත්‍යාගයක් ලබා දීමට තමා උත්සාහ කරන බවයි දෝනි කියා සිටියේ.

කෙසේ වෙතත්, එය පහසු කටයුත්තක් නොවන බව ද දෝනි සිහිපත් කර සිටියා.

“අවස්ථානුකූලව ගත්තොත් මේක තමයි හොදම අවස්ථාව ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කරන්න.” යනුවෙන් දෝනි සදහන් කළා. “ඒත් මේ අවුරුද්දේ මම කොහේ ගියත් මට පෙන්නපු ආදරය, සෙනෙහසත් එක්ක මට කියන්න ලේසි දේ තමයි ‘බොහොම ස්තූතියි’ කියලා.

නමුත් මට අමාරු දෙයක් තමයි තව මාස නවයක් මහන්සි වෙන එක, ආපසු පැමිණ අඩුම තරමින් තවත් IPL වාරයක්වත් ක්‍රීඩා කිරීම. ඒත් බොහෝ දේ ශරීරය මත රඳා පවතීවි. මට තීරණයක් ගන්න මාස හය හතක් තියෙනවා. එය මගේ පැත්තෙන් තෑග්ගක් වගේ වේවි. (ප්‍රේක්ෂකයින්ට) ඒක මට ලේසි නෑ, නමුත් ඔවුන් ඔවුන්ගේ ආදරය සහ සෙනෙහස පෙන්වූ ආකාරයත් එක්ක එය මා ඔවුන් වෙනුවෙන් කළ යුතු දෙයකි.”

ජූලි මාසයේ දී 42 වන වියට පා තබන දෝනි මෙවර තරග වාරයේ දී දණහිසක ආබාධ තත්ත්වයක් ද කළමණාකාරනය කර ගනිමිනුයි ක්‍රීඩා කරනු ලැබුවේ.

ඉනිම 12 කදී ඔහු ලකුණු 104 ක් රැස් කළේ පන්දු 57 කට පමණක් මුහුණ දෙමින්. හයේ පහර 10 ක් ද ඔහු එල්ල කළ අතර, ප්‍රහාරාත්මක වේගය සටහන්ව තිබුණේ 182.45 ක් ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...