එක්දින තරග දෙක කපා හරිමින් ශ්‍රී ලංකා – අයර්ලන්ත කාලසටහන නිවේදනය කෙරේ

Date:

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(14) නිවේදනය කළා.

සංචාරය ආරම්භ කරමින් අයර්ලන්ත කණ්ඩායම අප්‍රේල් 9 වැනිදා දිවයිනට පැමිණෙන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙම සංචාරය යටතේ එක් ටෙස්ට් තරගයක් හා එක්දින තරග 2ක් පැවැත්වීමට මීට පෙර නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, පසුව දෙරටේ ක්‍රිකට් ආයතන අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව එක්දින තරග දෙක ඉවත් කිරීමට තීරණය කර ඇති අතර, සංචාරයේ දී එක් ටෙස්ට් තරගයක් වෙනුවට ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකාවට මෙම වසරේ දී ක්‍රීඩා කිරීමට ඇති ටෙස්ට් තරග ප්‍රමාණය අවම මට්ටමක පවතින බවට මැද පෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් සිදු කළ ප්‍රකාශයෙන් දින කිහිපයකට පසුව මෙම තීරණය ක්‍රිකට් ආයතනය නිවේදනය කිරීම ද විශේෂත්වයක්.

තරගාවලියේ තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ALSO READ : “5ක් කියන්නේ කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ගොඩක් කණගාටුදායකයි” : ඇන්ජෙලෝ මැතිව්ස්

පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 16 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන්නේ අප්‍රේල් 24 වැනිදායි.

එක්දින තරග දෙක නොපැවැත්වීමට ගෙන ඇති තීරණයත් සමග මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින්ට අදාළ කාලයේ දී ගැටලුවකින් තොරව අයි.පී.එල් තරගාවලියට ද සම්බන්ධ වීමට අවස්ථාව උදා වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...