Watch : ඩිල්ෂාන්ගේ විශිෂ්ඨ ඉනිම හා මිස්බාගේ ප්‍රහාරය ආසියානු පිලට දෙවැනි ජයත් ගෙනෙයි

Date:

Legends League Cricket Masters (LLC Masters) තරගාවලියේ තෙවැනි තරගයෙන් World Giants කණ්ඩායම පරදා ලකුණු 35 ක ජයක් වාර්තා කිරීමට Asia Lions කණ්ඩායම සමත් වුණා.

කටාර්හි දෝහා නුවර පැවැති තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 10 කට සීමා කෙරුණු අතර, කාසියේ වාසිය දිනූ World Giants කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි Lions කණ්ඩායම පන්දුවාර 10 නිමා කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 99 ක් ලබා ගනිමින්.

උපුල් තරංග එක් ලකුණකට දැවී ගිය අතර, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 32 ක් පන්දු 24 කින් නොදැවී රැස් කළා. හයේ පහරක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. (දර්ශන පහතින් නරඹන්න) තිසර පෙරේරා ලකුණූ 10(10)යි.

ශහිඩ් අෆ්රිඩි ලකුණු දෙකකට දැවී ගිය අතර, මිස්බා උල් හක් පන්දු 19 කින් නොදැවී ලකුණු 44 ක් ලබා ගත්තා. හයේ පහර 3කින් හා හතරේ පහර 4 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

පන්දු යැවීමේ දී ක්‍රිස් ගේල්, පෝල් කොලින්වුඩ් හා රිකාඩෝ පවෙල් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Giants කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 64 ක් පමණයි.

ක්‍රිස් ගේල් හයේ පහර 3 ක් සමගින් ලකුණු 23(16) ක් රැස් කළ අතර, ලෙන්ඩ්ල් සිමන්ස් ලකුණු 14 කට දැවී ගියා. සිමන්ස්ගේ කෙටි ඉනිමට ද හයේ පහර 2ක් ඇතුළත් වුණා.

ශේන් වොට්සන් ලකුණු 3කටත්, ආරෝන් ෆින්ච් ලකුණු දෙකකටත්, රිකාඩෝ පවෙල් ලකුණු නොලබාත් දැවී ගියා. රෝස් ටේලර් නොදැවී ලකුණු 7ක් හා කෙවින් ඕබ්‍රයන් නොදැවී ලකුණු 8ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී ශහිඩ් අෆ්රිඩි හා අබ්දුර් රසාක් කඩුලු 2 බැගින් බිද හෙලූ අතර, සොහයිල් තන්වීර් එක් කඩුල්ලක් දවා ගත්තා.

මේ වන විට Asia Lions කණ්ඩායම ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, ක්‍රීඩා කළ තරග දෙකෙන් එක් තරගයක් ජය ගත් World Giants කණ්ඩායම දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා. India Maharajas කණ්ඩායම තෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත් වෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...