සාජා තරගාවලියේ නායකත්වය ශඩාබ් ඛාන්ට

Date:

සාජා හී දී ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය නිවේදනය කර තිබෙනවා.

සංචිතයේ නායකයා ලෙස පත් කර ඇත්තේ ශඩාබ් ඛාන්. ඒ, නිත්‍ය නායක බාබර් අසාම් මෙම තරගාවලියෙන් විවේක ගන්වා ඇති බැවින්.

ඔහුට අමතරව ෆකාර් සමාන්, හැරිස් රවුෆ්, මොහමඩ් රිස්වාන් හා ශහීන් ශාහ් අෆ්රඩි යන ක්‍රීඩකයින් ද මෙම තරගාවලියෙන් විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.

සංචිතය සදහා මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති Ihsanullah, Saim Ayub, Tayyab Tahir හා Zaman Khan යන ක්‍රීඩකයින් නම් කර තිබෙනවා.

අබ්දුල්ලාහ් ශෆික්, අසාම් ඛාන්, ෆහීම් අෂ්රෆ් හා ඉමාඩ් වසීම් යන ක්‍රීඩකයින් 20යි 20 සංචිතය සදහා කැදවීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත්, අසිෆ් අලී, හෙයිදර් අලී, මොහමඩ් හස්නයින් හා කුෂ්දිල් ශාහ් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

මේ අතර, කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු හා පිතිකරණ පුහුණුකරු ලෙස මොහමඩ් යූසුෆ් පත් කර තිබෙනවා.

Squad:

Shadab Khan (c), Abdullah Shafique, Azam Khan, Faheem Ashraf, Iftikhar Ahmed, Ihsanullah, Imad Wasim, Mohammad Haris, Mohammad Nawaz, Mohammad Wasim Jnr, Naseem Shah, Saim Ayub, Shan Masood, Tayyab Tahir, Zaman Khan.

Reserve players: Abrar Ahmed, Haseebullah and Usama Mir

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...