එංගලන්තයට කඩුලු 7ක ජයක් ; ඔස්ට්‍රේලියා – නවසීලන්ත ගැටුම අද

Date:

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා කඩුලු හතක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.

සාජා හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6 ක් දැවී ලකුණු 124 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා පිල වෙනුවෙන් Laura Wolvaardt ලකුණු 42 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Sophie Ecclestone ලකුණු 15 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නොදැවී ලකුණු 48 ක් රැස් කළ Nat Sciver-Brunt. Danni Wyatt-Hodge ලකුණු 43 කට දැවී ගියා.

මේ අතර, තරගාවලියේ 10 වැනි තරගය අද(8) පැවැත්වෙන්නේ නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතරයි. තරගය සාජා හී දී මෙරට වේලාවෙන් රාත්‍රී 7:30 ට ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...