තේරීම් කමිටු සභාපති උපුල් තරංග අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනුයි ඔහුට එරෙහිව මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පසුගිය මාර්තු මාසයේ පැවැති Legends Cricket Trophy තරගාවලියේ දී මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට උපුල් තරංග විසින් ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් සිදු කර තිබුණා.

ඒ අනුව එම නඩුව අද දිනයේ දී මාතලේ මහාධිකරණයේ දී කැද වූ නමුත්, එහිදී අනාවරණය වූයේ උපුල් තරංග මේ වන විට විදෙස් ගත වී සිටින බවයි.

අධිකරණයට දැනුම්දීමකින් තොරව ඔහු එලෙස විදෙස් ගත වීම හේතුවෙන් ඔහුව ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගන්නා ලෙසයි මහාධිකරණ විනිසුරුවරයා වරෙන්තු නිකුත් කළේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීමට ඔහු එලෙස විදෙස් ගතව ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...