දකුණු අප්‍රිකාව පරදා අවසන් තරගයෙන් අයර්ලන්තයට ලකුණු 69 ක ජයක්

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 69 ක ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා. කෙසේ වෙතත්, තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ දකුණු අප්‍රිකාවයි.

අබුඩාබි හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 9 ක් දැවී ලකුණු 284 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 50 අවසන් කළා.

නායක පෝල් ස්ටර්ලින්ග් ලකුණු 88 ක් රැස් කළ අතර, හැරී ටෙක්ටර් ලකුණු 60 ක් ලබා ගත්තා. ඇන්ඩි බැල්බර්නි ලකුණු 45 යි.

පන්දු යැවීමේ දී ලිසාද් විලියම්ස් කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 56 ක් ලබා දෙමින්. ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ හා Ottneil Baartman කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 46.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 215 ක් පමණයි.

ජේසන් ස්මිත් ලකුණු 91 ක් ලබා ගත් අතර, Kyle Verreynne ලකුණු 38 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ග්‍රැහැම් හියුම් හා ක්‍රෙයිග් යන්ග් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...