ඉන්දු – ශ්‍රී ලංකා තරග කාලසටහන සංශෝදනය කෙරේ

Date:

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන සංශෝදනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

මෙම සංචාරයට විස්සයි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත් බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව ඊට අදාළව මීට පෙර නිකුත් කෙරුණු තරග කාලසටහනට අනුව විස්සයි 20 තරගාවලිය ජූලි 26 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, නව තරග කාලසටහනට අනුව විස්සයි 20 තරගාවලිය ආරම්භ වන්නේ ජූලි 27 (සෙනසුරාදා) වැනිදායි.

දෙවැනි විස්සයි 20 තරගය ජූලි 28 වැනිදා ද, තෙවැනි විස්සයි 20 තරගය ජූලි 30 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දින සංශෝදනයක් සිදු කළ ද විස්සයි 20 තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය අගෝස්තු පළමු වැනිදා ආරම්භ වීමට මීට පෙර සැලසුම් කර තිබූ නමුත්, සංශෝදිත කාලසටහනට අනුව එක්දින තරගාවලිය ආරම්භ වන්නේ අගෝස්තු දෙවැනිදායි.

එක්දින තරගාවලියේ දෙවැනි හා තෙවැනි තරග පිළිවෙලින් අගෝස්තු 4 හා 7 යන දිනවලදී පැවැත්වෙනවා. එක්දින තරගාවලිය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි.

විස්සයි 20 තරග රාත්‍රී 7ට ද, එක්දින තරග පස්වරු 2.30 ට ද ආරම්භ කිරීමට නියමිතයි.

තරග සංචාරය ආරම්භ කරමින් ඉන්දීය කණ්ඩායම එළඹෙන 22 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...