ප්‍රංශ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ස්ත්‍රී දූෂණ චෝදනා

Date:

ප්‍රංශයේ ජාත්‍යන්තර රග්බි ක්‍රීඩකයින් දෙදෙනෙකුට කාන්තාවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ආර්ජන්ටිනාවේ පැවැති තරගයකින් අනතුරුව ඔවුන් දෙදෙනා විසින් 39 හැවිරිදි කාන්තාවක් හෝටල් කාමරයකදී දූෂණයට ලක් කර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

20 හැවිරිදි Hugo Auradou හා 21 හැවිරිදි Oscar Jegou යන ක්‍රීඩකයින් දෙදෙනාට එරෙහිව මෙලෙස චෝදනා එල්ල වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා තමාව කිහිපවරක්ම දූෂණයට ලක් කළ බවටත්, තමාට පහර දුන් බවටත්, අදාළ කාන්තාව විසින් පවසා ඇති බව සදහන්.

මෙම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් අදාළ ක්‍රීඩකයින් දෙදෙනා සදහන් කර ඇත්තේ ඔවුන් එම කාන්තාවගේ කැමැත්තෙන් ලිංගිකව එක් වීමක් සිදු වූ නමුත්, ස්ත්‍රී දූෂණයක් සිදු කළ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

ඔවුන් දෙදෙනා තවදුරටත් පොලිස් අත්අඩංගුවේ පසුවන අතර, බලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

පසුගිය සෙනසුරාදා ප්‍රංශය හා ආර්ජන්ටිනාව අතර අදාළ තරගය ආර්ජන්ටිනාවේ දී පවත්වා තිබූ අතර, එම තරගයෙන් ප්‍රංශය ජය වාර්තා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...