නවක මුහුණු කිහිපයක් සමග සිම්බාබ්වේ ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා පළමු වරට Clive Madande, Brian Bennett හා Johnathan Campbell නම් කර තිබීම විශේෂත්වයක්.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති Joylord Gumbie ද ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය සදහා නම් කර තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ පෙබරවාරි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව බුලවායෝහීදීයි.

ක්‍රෙයිග් අර්වින්ගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ශෝන් විලියම්ස් ද නම් කර ඇති අතර, ආබාධයක් නිසා විලියම්ස්ට කොදෙව් ටෙස්ට් තරගාවලිය අහිමි වුණා.

අයර්ලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගය අයර්ලන්තයේ Belfast හී දී ජූලි 25 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙය මෙම කණ්ඩායම් දෙක අතර ටෙස්ට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාවයි.

Zimbabwe squad for one-off Test in Ireland

Craig Ervine (c), Brian Bennett, Johnathan Campbell, Tendai Chatara, Tanaka Chivanga, Joylord Gumbie (wk), Roy Kaia, Clive Madande (wk), Wellington Masakadza, Prince Masvaure, Blessing Muzarabani, Dion Myers, Richard Ngarava, Victor Nyauchi, Sean Williams

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...