ඉන්දු-පාකිස්තාන තරගයේ ආන්දෝලනාත්මක තීරණය ගැන ශ්‍රී ලංකා-බංග්ලාදේශ ක්‍රිකට් ආයතන සිය ස්ථාවරය පහදයි

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ පැවැත්වීමට නියමිත ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය සදහා පමණක් අතිරේක දිනයක් ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සිය ස්ථාවරයන් පැහැදිලි කරමින් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ, පාර්ශව රැසකින් මෙම තීරණයට දැඩි විවේචන එල්ල වෙමින් පවතින පසුබිමකයි.

පවතින වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය සලකා ඉන්දියාව හා පාකිස්තානය අතර එළඹෙන 10 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත සුපිරි 4 වටයේ තරගය සදහා අතිරේක දිනයක් ලෙස සැප්තැම්බර් 11 වැනිදා නම් කර ඇති බව තරගාවලියේ සංවිධායකයින් අද(8) නිවේදනය කළා.

ඒ අනුව වර්ෂාව හේතුවෙන් තරගය එළඹෙන 10 වැනිදා සම්පූර්ණ කිරීමට නොහැකි වුවහොත්, තරගය එදින නතර කරන අවස්ථාවේ සිට පසුදින යළි ආරම්භ කරනු ඇති.

කෙසේ වෙතත්, තරගාවලියේ අවසන් මහා තරගය හැරුණු විට වෙනත් කිසිදු තරගයක් සදහා එලෙස අතිරේක දිනයක් ප්‍රකාශයට පත් කර නොතිබීම විශේෂත්වයක්.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මේ වන විට මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම තීරණය සහභාගී වන කණ්ඩායම් හතරේ සහ ආසියානු ක්‍රිකට් කවුන්සලයේ එකඟතාවයෙන් ලබා ගත් බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද මේ පිළිබද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සුපිරි 4 වටය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම්වල ක්‍රිකට් ආයතන සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බවයි. ඒ අනුව ආසියානු ක්‍රිකට් කවුන්සලය තරග කොන්දේසි සංශෝදනය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

මීට පෙර ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය සදහා පමණක් අතිරේක දිනයක් ලබා දීම සම්බන්ධයෙන් බංග්ලාදේශ හා ශ්‍රී ලංකා කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරුවන් ද සිය අප්‍රසාදය පල කර සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...