කොන්වේ-මිචෙල් 180* ක සම්බන්ධය නවසීලන්තයට කඩුලු 8ක ජයක් ගෙනෙයි

Date:

එංගලන්තය සමග පැවැත්වෙන තරග 4 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

කාර්ඩිෆ්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 291 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ඉනිම නිමා වීමට පන්දු 26 ක් ඉතිරිව තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2 ක් පමණක් දැවී සිටියදීයි.

ඩෙවෝන් කොන්වේ හා ඩැරල් මිචෙල් ශතක වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. කොන්වේ පන්දු 121 කින් නොදැවී ලකුණු 111 ක් රැස් කළ අතර, මිචෙල් පන්දු 91 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 118 ක්.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට පන්දු 152 කින් නොබිදුණු ලකුණු 180 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ නායක ජොස් බට්ලර්. ඔහු ලකුණු 72 (68) ක් රැස් කළ අතර, ඩේවිඩ් මලාන් ලකුණු 54 ක් මෙන්ම බෙන් ස්ටොක්ස් හා ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 52 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී රචින් රවීන්ද්‍ර ලකුණු 48 කට කඩුලු 3 ක් හා ටිම් සවුති ලකුණු 71 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...