ඉන්දියාව දෙවැනි 20යි 20ත් පරදියි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ද කඩුලු දෙකක පරාජයක් ලැබීමට සංචාරක ඉන්දීය කණ්ඩායමට සිදු වුණා.

ඒ, අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය මේ වන විට තරග 2-0 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ පළමු තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් ලැබූ කොදෙව් කණ්ඩායමයි.

ගයානා හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 152 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඉනිම නිමා වීමට පන්දු 7ක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් දැවී සිටියදීයි. [155/8 (18.5 Ov) ]

බ්‍රෙන්ඩන් කිංග් ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගියා. ක්යල් මේයර්ස් ලකුණු 15යි. ජොන්සන් චාර්ල් ලබා ගත්තේ ලකුණු 2ක් පමණයි.

වැඩිම ලකුණුලාභියා වූ නිකලස් පූරාන් පන්දු 40 කින් ලකුණු 67 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට ජයග්‍රහනයේ මග විවර කළා. හයේ පහර 4 ක් හා හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඔහු දැවී යන විට කොදෙව් ලකුණු පුවරුව දක්නට ලැබුණේ කඩුලු 5 ක් දැවී ලකුණු 126 ක් ලෙසයි.

නායක රොව්මන් පවෙල් ලකුණු 21ක් රැස් කළ අතර, ශිම්රන් හෙට්මයර් ලකුණු 22යි. රොමාරියෝ ෂෙපර්ඩ් හා ජේසන් හෝල්ඩර් ලකුණු නොලබා දැවී ගියා. කොදෙව් ඉනිමේ 8 වැනි කඩුල්ල බිද වැටුණේ මුළු ලකුණු සංඛ්‍යාව 129 ක් ලෙස සටහන්ව තිබියදීයි. එනම්, ලකුණු 3 ක් තුළ කොදෙව් ඉනිමේ කඩුලු 4 ක් දැවී ගියා.

එවැනි පසුබිමක කොදෙව් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය අකීල් හොසෙයින් නොදැවී ලකුණු 16(10) ක් හා අල්සාරි ජෝසප් නොදැවී ලකුණු 10(8) ක් ලබා ගනිමින් කොදෙව්වන්ට සුපිරි ජයක් තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී හර්ඩික් පාන්ඩ්යා කඩුලු 3 ක් හා යුස්වේන්ද්‍ර චෙහල් කඩුලු 2 ක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ තිලක් වර්මා පන්දු 41 කින් ලකුණු 51 ක් ලබා ගත්තා. හයේ පහරක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඉෂාන් කිෂන් ලකුණු 27 ක් ද, හර්ඩික් පාන්ඩ්යා ලකුණු 24 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී අකීල් හොසෙයින්, අල්සාරි ජෝසප් හා රොමාරියෝ ෂෙපර්ඩ් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...