ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්දින තරගාවලියට ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කෙරේ

Date:

පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

හෂ්මතුල්ලාහ් ශහීඩීගේ නායකත්වයෙන් යුත් සංචිතයට අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ඇතුළත්ව ක්‍රීඩකයින් 18 දෙනෙකු නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සංචිතය සදහා වමත් දග පන්දු යවන ක්‍රීඩක නූර් අහ්මඩ් කැදවීමට ද පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

නිමා වූ බංග්ලාදේශ එක්දින තරගාවලියට එක් වූ වේග පන්දු යවන්නන් වන Mohammad Saleem Safi හා Wafadar Momand සංචිතයේ සිය ස්ථාන රැක ගැනීමට සමත්ව තිබෙනවා.

බංග්ලාදේශ තරගාවලියේ දී එක්දින වරම් දිනූ වමත් දග පන්දු යවන ක්‍රීඩක Zia ur Rahman හා මෙතෙක් එක්දින වරම් දිනා නොමැති පාදග පන්දු යවන ක්‍රීඩක Izharulhaq Naveed සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

තරගාවලිය අගෝස්තු 22 වැනිදා හම්බන්තොට දී ආරම්භ වීමට නියමිතව ඇති අතර, දෙවැනි එක්දින තරගය අගෝස්තු 24 වැනිදා ද, තෙවැනි එක්දින තරගය 26 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.

පළමු එක්දින තරග දෙකම හම්බන්තොට දී පැවැත්වෙන අතර, තෙවැනි හා අවසන් එක්දින තරගය කොළඹ දී පැවැත්වීමට නියමිත බවයි  ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මෙම එක්දින තරගාවලිය අවසන් වී දින 4කින්, එනම් අගෝස්තු 30 වැනිදා සිට පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Afghanistan Squad:

Hashmatullah Shahidi (C), Rahmanullah Gurbaz (WK), Ikram Alikhil (WK), Ibrahim Zadran, Riaz Hassan, Rahmat Shah, Najibullah Zadran, Mohammad Nabi, Azmatullah Omarzai, Rashid Khan, Noor Ahmad, Mujeeb Ur Rehman, Fazal Haq Farooqi, Abdul Rahman, Mohammad Saleem Safi, Wafadar Momand.

Reserves – Farid Ahmad Malik , Shahidullah Kamal.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...