ඉන්දියාව අපරාජිතව අවසන් පූර්ව වටයට ; අවසන් ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් නෙදර්ලන්තය පරදා ලකුණු 160 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ මූලික වටය අපරාජිතව අවසන් කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම අද(12) සමත් වුණා.

බැංගලූරුහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 410 ක් ලබා ගනිමින් සිය ඉනිම නිමා කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය පන්දුවාර 47.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 250 ක්.

ඉන්දියාව වෙනුවෙන් ෂ්රෙයස් අයියර් නොදැවී ලකුණු 128(94) ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 10 ක් සමගින්. කේ එල් රාහුල් පන්දු 64 ක් පමණක් වැය කරමින් ලකුණු 102 ක් රැස් කළා. හයේ පහර 4 ක් හා හතරේ පහර 11 ක් රාහුල්ගේ ඉනිමට ඇතුළත්.

ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 208 (128) ක්.

රෝහිත් ෂර්මා ලකුණු 61 ක් රැස් කළ අතර, ෂුබ්මන් ගිල් හා විරාත් කෝලි ලකුණු 51 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Bas de Leede ලකුණු 82 කට කඩුලු 2 ක් දවා ගත්තා.

නෙදර්ලන්ත පිළිතුරු ඉනිම වෙනුවෙන් Teja Nidamanuru ලකුණූ 54 ක් ද, Sybrand Engelbrecht ලකුණු 45 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා, මොහමඩ් සිරාජ්, කුල්දීප් යාදව් හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ප්‍රසාද ලකුණු සටහන –

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...