6 දෙනෙකු පමණක් ඉතිරි වෙයි – එංගලන්ත එක්දින සංචිතයට වෙනස්කම් රැසක්

Date:

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා වන එංගලන්ත එක්දින හා 20යි 20 සංචිත නම් කර තිබෙනවා.

ජොස් බට්ලර්ගේ නායකත්වයෙන් යුත් එක්දින සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ද, 20යි 20 සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ද ඇතුළත්.

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එංගලන්තය ක්‍රීඩා කරන පළමු තරග සංචාරය මෙය වන අතර, ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් 6 දෙනෙකු පමණක් කොදෙව්වන්ට එරෙහි එක්දින සංචිතයට නම් කර තිබෙනවා.

මොයීන් අලී, අඩිල් රෂීඩ් හා ක්‍රිස් වොක්ස් එක්දින සංචිතයෙන් ඉවත් කර ඇතත්, 20යි 20 තරගාවලියට එම ක්‍රීඩකයින් තිදෙනා ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඩාවිඩ් මලාන් කොදෙව් සංචාරයෙන්ම ඉවත් කර තිබෙනවා. ඔලී පෝප් එක්දින සංචිතයට කැදවා ඇති අතර, මෙතෙක් සීමිත පන්දුවාර ජාත්‍යන්තර වරම් දිනා නොමැති වේග පන්දු යවන්නන් වන ජෝන් ටර්නර් හා ජොෂ් ටොන්ග් ද එක්දින හා 20යි 20 සංචිත දෙක සදහාම ඇතුළත්.

දෙසැම්බර් 3 වැනිදා සිට ආරම්භ වන මෙම සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 5 ක් පැවැත්වීමට නියමිතයි.

ODI squad:

Jos Buttler (c), Rehan Ahmed, Gus Atkinson, Harry Brook, Brydon Carse, Zak Crawley, Sam Curran, Ben Duckett, Tom Hartley, Will Jacks, Liam Livingstone, Ollie Pope, Phil Salt, Josh Tongue, John Turner

T20I squad:

Jos Buttler (c), Rehan Ahmed, Moeen Ali, Gus Atkinson, Harry Brook, Sam Curran, Ben Duckett, Will Jacks, Liam Livingstone, Tymal Mills, Adil Rashid, Phil Salt, Josh Tongue, Reece Topley, John Turner, Chris Woakes

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...