ආචර්ට තවත් ප්‍රශ්නයක් – කොදෙව් සංචාරයෙනුත් ඉවතට

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය ද අහිමි වී තිබෙනවා.

එංගලන්ත ක්‍රිකට් ආයතනය අදාළ සංචාරය සදහා ප්‍රකාශයට පත් කළ එංගලන්ත 20යි 20 හෝ එක්දින සංචිත සදහා ඔහුගේ නම ඇතුළත්ව තිබුණේ නැහැ.

මුම්බායි හී දී ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී එංගලන්ත කණ්ඩායම සමග පුහුණුවීම් කටයුතු සිදු කරන අතරතුර දී ඔහුගේ වැලමිටක ඇති වූ වේදනාවක් හේතුවෙන් ඔහුව කොදෙව් සංචාරයට ද නම් කර නොමැති බව සදහන්.

ආබාධවලින් පසුගිය වසර කිහිපය පුරාම දැඩී පීඩාවකට පත්ව සිටින ආචර් අවසන් වරට ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී යි.

අයි.පී.එල් තරගාවලියේ දී මුම්බායි කණ්ඩායම නියෝජනය කරමින් සිටියදී ඔහුගේ වැලමිටක අස්ථී බිදී යාමක් සිදු වුණා.

වැලමිටක හා පිට කොන්දේ ආබාධ හේතුවෙන් ජොෆ්ර ආචර් මාස 18 ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි අතර, පසුගිය ජනවාරි මාසයේ දී යි ඔහු යළි එංගලන්ත ජාතික කණ්ඩායමට ඇතුළත් වුණේ. අනතුරුව දකුණු අප්‍රිකා හා බංග්ලාදේශ සංචාරවලදී ඔහු එක්දින තරග 4ක් හා 20යි 20 තරග 3ක් ක්‍රීඩා කළා.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරග කිහිපය සදහා ක්‍රීඩා කරවීමේ අරමුණින් ඔහුව සංචිතයට නම් කිරීමට පළමුව එංගලන්ත ක්‍රිකට් ආයතනය අවධානය යොමු කර තිබූ නමුත්, පසුව ඔහුව අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි ලෝක කුසලානයට නම් කෙරුණේ.

කෙසේ වෙතත්, මුම්බායි හී දී පුහුණුවීම් සිදු කරන අතරතුර දී ඔහුට යළිත් වැලමිටෙහි වේදනාවක් ඇතිව තිබූ බව සදහන්.

ලෝක කුසලානය අතරතුර දී රීස් ටොප්ලි ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත් කෙරුණු නමුත්, ඔහු වෙනුවට අතිරේක ක්‍රීඩකයෙකු වූ ජොෆ්ර ආචර් සංචිතයට ආදේශ කිරීමට ද එංගලන්ත ක්‍රිකට් ආයතනයට නොහැකි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...