ඇෆ්ඝනිස්තානය හමුවේ පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදියි

Date:

ඇෆ්ඝනිස්තාන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 50 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ඊයේ(1) රාත්‍රියේ සිදු වුණා.

අබුඩාබි හි Tolerance Oval ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය පන්දුවාර 45.2 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 232 ක් ලබා ගත්තා.

Wafiullah Tarakhil ලකුණු 68 ක්, Numan Shah ලකුණු 64 ක් හා Jamshid Khan ලකුණු 57 ක් රැස් කරමින් ඇෆ්ඝනිස්තාන යොවුන් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මල්ෂ තරුපති ලකුණු 31 කට කඩුලු 4 ක් දවා ගත්තා. විහස් තෙව්මික කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් පිලට පන්දුවාර 30.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 182 ක් පමණයි.

නායක ශෙවෝන් ඩැනියල් ලකුණු 67 ක් රැස් කළ අතර, සිනෙත් ජයවර්ධන ලකුණු 29 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Khalil Ahmed ලකුණු 38 කට බිද හෙලූ කඩුලු ගණන 5ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...