විලියම්සන් IPL තරගාවලියෙන් ඉවතට

Date:

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ පිතිකරු කේන් විලියම්සන්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ, අහ්මදාබාද් හී දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලියේ පළමු තරගයේ දී ‌පන්දු රකිමින් සිටියදී දණහිසක සිදු වූ ආබාධය හේතුවෙන්.

ඒ අනුව ඔහු ලබන සතියේ දී යළි නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිත අතර, අනතුරුව ඔහු විශේෂඥ වෛද්‍යවරුන් හමු වී වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නියමිතයි.

අයි.පී.එල් පළමු තරගයේ දී සිදු වූ මෙම ආබාධය හේතුවෙන් විලියම්සන්ට එම තරගයේ දී පිතිකරණ‌යේ නිරත වීමට ද හැකි වූයේ නැහැ.

ඒ අනුව විලියම්සන් වෙනුවට B Sai Sudharsan බලපෑම් ක්‍රීඩකයා හෙවත් Impact Player නීතිය යටතේ කණ්ඩායමට ආදේශ කිරීමට ටයිටන්ස් කණ්ඩායම පියවර ගත්තා.

නවසීලන්ත කණ්ඩායම මේ දිනවලදී ශ්‍රී ලංකාවට එරෙහිව සීමිත පන්දුවාර තරගාවලියක් ක්‍රීඩා කරන අතර, අනතුරුව නවසීලන්ත කණ්ඩායම පාකිස්තාන සංචාරයක ද නිරත වීමට නියමිතයි. අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන බැවින් විලියම්සන්ට එම තරගාවලි සියල්ල අහිමි වුණා.

පසුගිය වසර කිහිපයේ දී විලියම්සන් වැලමිටක ආබාධ තත්ත්වයකින් ද පෙළුනු අතර, මෑතකදීයි ඔහු එම ආබාධයෙන් සම්පූර්ණයෙන් සුවය ලැබුවේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...