Watch : ඉනිමේ පළමු පන්දුවාරයේ දී ලකුණු බින්දුවකට බෝල්ට්ගෙන් කඩුලු 2ක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද (2) පස්වරු 3:30 ට හයිදරාබාද් හී දී ආරම්භ වුණා. ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි.

තරඟයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව රාජස්ථාන් කණ්ඩායමට ලබා දුන්නා.

එම තීරණයට ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වූ රාජස්ථාන් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 203 ක් ලබා ගනිමින්.

ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් ජෝස් බට්ලර් පන්දු 22 කින් ලකුණු 54 ක් රැස් කළා.යශස්වි ජයිස්වාල් ද ලකුණු 54 ක් ලබා ගත්තේ පන්දු 37 කට මුහුණ දෙමින්. සංජු සැම්සන් ලකුණු 55 (32)යි.

පන්දු යැවීමේදී ෆසල්හක් ෆරූකී හා ටී නටරාජන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

සන්රයිසස් පිල පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරිමට පිටියට පිවිසි අවස්ථාවේදී රාජස්ථානය වෙනුවෙන් පලමු පන්දුවාරය යොමුකළේ ට්‍රෙන්ට් බෝල්ට් විසින්.

එම පන්දුවාරයේදී කිසිදු ලකුණක් ලබා නොදී ඔහු විසින් කඩුලු දෙකක් දවා ගැනීම විශේෂත්වයක්. ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ අභිෂේක් ෂර්මා හා රාහුල් ත්‍රිපාති.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...