ඇලිස් පේරීගේ 99 හමුවේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්ට්‍රේලියාවට

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම හා එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(23).

නොටින්හැම් හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමු දිනය සදහා තරගය නතර කරන විට ඔස්ට්‍රේලියාව කඩුලු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 328 ක්.

ආරම්භක පිතිකාරිණියන් වූ Phoebe Litchfield ලකුණු 23 කටත්, Beth Mooney ලකුණු 33 කටත් දැවී ගියා. Ellyse Perry ලකුණු 99 ක් ලබා සිටියදීයි අවාසනාවන්ත ලෙස දැවී ගියේ. ඇයගේ ඉනිමට හතරේ පහර 15 ක් ඇතුළත්. ඇය ඉතිහාසගත වුණේ කාන්තා ටෙස්ට් තරගයකදී ලකුණු 99 ට දැවී ගිය තෙවැනි ක්‍රීඩිකාව ලෙසයි.

Tahlia McGrath ලකුණු 61 ක් ද, Jess Jonassen ලකුණු 11 ක් ද ලබා ගත් අතර, නායක Alyssa Healy ලකුණු නොලබා දැවී ගියා.

Ashleigh Gardner ලකුණු 40 යි. Annabel Sutherland නොදැවී ලකුණූ 39 ක් හා Alana King නොදැවී ලකුණු 7ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී Sophie Ecclestone ලකුණු 71 කට කඩුලු 3 ක් දවා ගත්තා. Lauren Filer කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 65 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...