නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Date:

සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.

සංචාරය ආරම්භ කරමින් නවසීලන්ත කාන්තා කණ්ඩායම මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා.

සංචාරයේ දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් දෙරට අතර පැවැත්වීමට නියමිත අතර, නවසීලන්ත කාන්තා කණ්ඩායම මෙරට දී ද්විපාර්ශ්වික තරගාවලියක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

පළමු එක්දින තරගය පැවැත්වෙන්නේ ජූනි 27 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි. දෙවැනි හා තෙවැනි එක්දින තරග ද පිළිවෙලින් ජූනි 30 වැනිදා හා ජූලි 3 වැනිදා ගාල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලිය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී ජූලි 8 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි හා තෙවැනි තරග පිළිවෙලින් ජූලි 10 වැනිදා හා 12 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

The squad

1. Chamari Athapaththu – (C)
2. Vishmi Gunaratne
3. Harshitha Samarawickrama
4. Nilakshi de Silva
5. Kavisha Dilhari
6. Anushka Sanjeewani
7. Oshadi Ranasinghe
8. Kawya Karvindi
9. Sugandika Kumari
10. Inoka Ranaweera
11. Udeshika Prabodhani
12. Hansima Karunaratne
13. Inoshi Fernando
14. Imesha Dulani
15. Hasini Perera

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...