ශ්‍රී ලංකාව හෙට දෙවැනි සටනට

Date:

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දෙවැනි තරගය හෙට(23) පැවැත්වෙනවා.

ඕමානයට එරෙහිව මෙම තරගය බුලවායෝහි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ 11 වැනි තරගය ලෙසයි මෙම තරගය පැවැත්වෙන්නේ.

තරගාවලියේ 12 වැනි තරගය ද හෙට පැවැත්වීමට නියමිත අතර, එම තරගයේ දී ස්කොට්ලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

එම තරගය ද දහවල් 12.30ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ. තරගය බුලවායෝ Athletic Club ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

B කාණ්ඩය යටතේ මෙම තරග දෙක පැවැත්වෙන අතර, මේ වන විට එම කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ ක්‍රීඩා කළ තරග දෙකම ජය ගත් ඕමානයයි.

ක්‍රීඩා කළ එකම තරගය ජය ගත් ශ්‍රී ලංකාව එහි දෙවැනි ස්ථානයේත්, ස්කොට්ලන්තය තෙවැනි ස්ථානයේත් රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...