ඇලන් ඩොනල්ඩ්ගේ ධූර කාලය ලෝක කුසලානය තෙක් දීර්ඝ කෙරේ

Date:

බංග්ලාදේශ වේග පන්දු යවන පුහුණුකරු ඇලන් ඩොනල්ඩ්ගේ ධූර කාලය ඔක්තෝබර් – නොවැම්බර් මාසවලදී ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් දීර්ඝ කර තිබෙනවා.

මීට පෙර පසුගිය වසරේ මැයි මාසයේ දී ඔහුව එම ධූරයට පත් කෙරුණේ 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වායි.

අනතුරුව නිමා වූ ඉන්දීය තරගාවලිය දක්වා ඩොනල්ඩ්ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කෙරුණා.

මේ අතර, නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පෙබරවාරි 20 වැනිදා බංග්ලාදේශයට පැමිණෙන බවත්, ඔහුගේ මහපෙන්වීම යටතේ එංගලන්ත තරගාවලිය අරමුණු කර ගනිමින් පෙබරවාරි 23 වැනිදා සිට පුහුණු කදවුරක් පැවැත්වීමට නියමිතව ඇති බවත් සදහන්.

මේ අතර, අයි.සී.සී එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ පැවැත්වීමට නියමිත අයර්ලන්ත – බංග්ලාදේශ තරගාවලිය එංගලන්තයේ දී පැවැත්වීමට අයර්ලන්තයේ අවධානය යොමුව තිබෙනවා.

මැයි මාසයේ දී මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇති අතර, එම කාලයේ දී අයර්ලන්තයේ පවතින වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අයර්ලන්ත ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...