WPL තරගාවලියේ අවසන් වටයට තරග දෙකක් පමණයි

Date:

පළමු වරට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය මුම්බායි කණ්ඩායම හා අහ්මදාබාද් කණ්ඩායම අතර පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ හා ලෝකයේ ධනවත්ම පුද්ගලයින් දෙදෙනෙකු වන මුකේෂ් අම්බානි හා ගෞතම් අදානි අතර තරගයක් බවට එය පත්ව තිබීම විශේෂත්වයක්.

ඉන්දීය රුපියල් කෝටි 1,289 ලංසු මුදලක් යටතේ Adani Sportsline Pvt. Ltd සමාගම අහ්මදාබාද් කණ්ඩායමේ හිමිකාරීත්වය පසුගියදා ලබා ගත් අතර, ඉන්දීය රුපියල් කෝටි 912.99 ක මිලකට මුම්බායි කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගෙන තිබුණේ අම්බානිට අයත් Indiawin Sports Pvt. Ltd සමාගම විසින්.

කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී මාර්තු 4 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති බව සදහන්. අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මාර්තු 26 වැනිදායි.

තරගාවලියට කණ්ඩායම් 5 ක් ක්‍රීඩා කරන අතර, තරග 22 ක් තරගාවලියට ඇතුළත්.

තරගාවලියේ අවසන් වටය (play-offs) සදහා කණ්ඩායම් 3ක් පමණක් සුදුසුකම් ලැබීමට නියමිතව ඇති අතර, පළමු ස්ථානයේ පසුවන කණ්ඩායම සෘජුවම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගනු ඇති.

දෙවැනි හා තෙවැනි ස්ථානවල පසුවන කණ්ඩායම් Eliminator තරගය සදහා ක්‍රීඩා කරන අතර, ඉන් ජය ගන්නා කණ්ඩායම අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...