හතුරු මිතුරු කරන බංග්ලාදේශ මෙහෙයුමට එරෙහිව හා පක්ෂව මතවාද රැසක්

Date:

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා පත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට එරට ක්‍රිකට් ක්ෂේත්‍රයෙන් විවිධ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

පත් කෙරුණු වසර දෙකක නව ධූර කාලය, ඔහු එරට කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන දෙවැනි අවස්ථාවයි. මීට පෙර 2014 වසරේ සිට 2017 වසර දක්වා ඔහු එම ධූරයේ කටයුතු කළ අතර, පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඔහු පත් කෙරුණා.

රසල් ඩොමින්ගෝ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉවත් වී සති 4 ක් පමණ ගතව ඇති පසුබිමකයි මෙම නව පත් කිරීම මේ වන විට සිදු කර ඇත්තේ.

මීට පෙර බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස 2018-19 වසරවලදී කටයුතු කළ ස්ටීව් රෝඩ්ස් තරග 45 කදී 51.11 % ජයග්‍රාහී ප්‍රතිශතයක් වාර්තා කර තිබූ අතර, 2019-22 කාලයේ දී පුහුණුකරු ලෙස කටයුතු කළ ඩොමින්ගෝ 42.34 % ක ජයග්‍රාහී ප්‍රතිශතයක් වාර්තා කර තිබුණා.

ඔවුන්ට සාපේක්ෂාව හතුරුසිංහ මහතාගේ පුහුණුකාරීත්වය යටතේ බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රාහී ප්‍රතිශතය පහළ අගයක් ගනු ලබනවා.

හිටපු නායක මශ්රෆී මොටාසා මෙම නව පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්විමන් පෙන්වා දෙන්නේ 2017 වසරේ දී චන්දික හතුරුසිංහ මහතා ධූරයෙන් ඉවත් වූ ආකාරය පිළිබද සලකා බැලීමේ දී ඔහුව යළි පත් කිරීම ගැටලු සහගත බවයි.

“ඔහු හරියට ගියානම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හතුරුසිංහ ගියේ ඔහුගේ කොන්ත්‍රාත් කාලය මැදදී. අපේ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාගේ දුරකතන ඇමතුම්වලට ඔහු ප්‍රතිචාර දැක් වූයේ නැහැ. ඔහුගේ කෙටි පණිවිඩවලට (sms) ඔහු ප්‍රතිචාර දැක් වූයේ නැහැ. ඔහු හදිසියේම පිටව ගියා. ගෞරව දැක්වීම පිළිබද ප්‍රශ්නය සැමවිටම පවතිනවා” යනුවෙන් මොටාසා සදහන් කළා.

කෙසේ වෙතත්, බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී ජලාල් යුනුස් කියා සිටියේ හතුරුසිංහ මහතා බංග්ලාදේශ කණ්ඩායමේ සංස්කෘතියට හා ක්‍රීඩකයින්ට වඩාත් සමීප බවයි.

“ඔහු මෙහෙ මීට පෙර වැඩ කරලා තියෙනවා. ඉතිං ඔහුට අවශ්‍ය වන්නේ නැහැ වැඩි කාලයක් මෙහෙට හුරු වෙන්න. ඔහු දන්නවා ක්‍රීඩකයින් හා කණ්ඩායම් පරිසරය. ඔහු හොද පුහුණුකරුවෙක්. මම හිතනවා ඔහු මේ අවස්ථාවේ දී දීර්ඝ කාලයක් ඉදීවි කියලා වගේම ගිවිසුම්ගත කැපවීම ඉටු කරයි කියලා.” යනුවෙන් ජලාල් සදහන් කළා.

මේ අතර, නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා තේරීම් කටයුතු සදහා ද සම්බන්ධ වනු ඇති බව එරට ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් පවසනවා.

ඔහු පසුගිය වර මෙන් නිල වශයෙන් තේරීම් කමිටුව සදහා පත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

“එය ක්‍රිකට් ආයතනය විසින් තීරණය කරාවි. තේරීම් වර්ග දෙකක් තියෙනවා. සංචිත තේරීම හා අවසන් 11 දෙනාගේ කණ්ඩායම තේරීම. අවසන් කණ්ඩායම තේරීම කොහොමත් නායකයා හා පුහුණුකරු කරන්නේ.” යනුවෙන් සභාපතිරයා සදහන් කළා.

බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ හතුරුසිංහ මහතා තේරීම් කමිටුවට පත් කළහොත් තේරීම් කමිටු නිළධාරීන්ගේ බලයට එය හානියක් වනු ඇති බවයි.

කෙසේ වෙතත්, බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී Minhajul Abedin මෙම මතය බැහැර කර තිබෙනවා.

“මට විශ්වාසයක් නැහැ ඔහු තේරීම් කමිටුවට ඇතුළත් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන්. නමුත් මම හිතන්නේ නැහැ එය ප්‍රශ්නයක් වෙයි කියලා. පසුගියවරත් අපිට කිසිදු ප්‍රශ්නයක් තිබුණේ නැහැ” යනුවෙන් තේරීම් කමිටු සභාපතිවරයා කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...