ආසියානු කුසලානය අභියස බංග්ලාදේශයේ ආබාධ ප්‍රශ්නය උඩුදුවයි

Date:

ඇගිල්ලක ආබාධයකට ලක් වූ බංග්ලාදේශ කඩුලු රකින පිතිකරු නුරුල් හසාන්ට මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ද ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඔහු ශල්‍යකර්මයකට ද මුහුණ දී ඇති බවත්, සති 4ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බවත් එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

සිම්බාබ්වේ කණ්ඩායම සමග නිමා වූ 20යි 20 තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරුණේ නුරුල් හසාන්.

20යි 20 තරගාවලියේ දෙවැනි තරගයේ දී යි ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නේ.

බංග්ලාදේශ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මේ වන විට ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් ලබන 27 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා බංග්ලාදේශ සංචිතය ප්‍රකාශයට පත් කිරීමට තවත් කාලසීමාවක් ලබා දීමට ද ආසියානු ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන ඇති බව සදහන්.

නුරුල්ට අමතරව, ලිටොන් දාස්, මුස්ටෆිසුර් රහ්මාන්, මුෂ්ෆිකර් රහීම් හා ශොරිෆුල් ඉස්ලාම් යන ක්‍රීඩකයින් මේ වන විට ආබාධවලට ලක්ව සිටිනවා.

ඊට අමතරව ආබාධ හේතුවෙන් සිම්බාබ්වේ සංචාරය අහිමි වූ යසීර් අලී හා මොහමඩ් සයිෆුදීන් යන ක්‍රීඩකයින්ට ද ඉදිරියේ දී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් සමත් වීමට සිදු වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...