අසාර් අලී පාකිස්තාන නායකත්වයෙන් නෙරපයි – නව නායකයා මෙන්න

Date:

පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ද බබාර් අසාම් පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු එක්දින, 20යි 20 සහ ටෙස්ට් යන තරග රටා ත්‍රිත්වයේ දී ම පාකිස්තාන කණ්ඩායම මෙහෙයවනු ඇති.

පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස අසාර් අලී මෙතෙක් කටයුතු කළා.

කෙසේ වෙතත්, ඔහු යටතේ පාකිස්තාන කණ්ඩායම සැලකිය යුතු දක්ෂතා නොදැක් වූ අතර, අසාර් අලී ද පිතිකරුවෙකු ලෙස දක්ෂතා අතරට පිවිසියේ නැහැ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති එහ්සාන් මනී සහ අසාර් අලී අතර අද(10) පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් පසුවයි මෙම නව පත් කිරීම ප්‍රකාශයට පත් කළේ.

බබාර් අසාම්ගේ නායකත්වය යටතේ පාකිස්තානය මුහුණ දෙන පළමු ටෙස්ට් තරගාවලිය වන්නේ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් වන එළඹෙන නවසීලන්ත තරගාවලියයි.

තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය Mount Maunganui හී දී ලබන දෙසැම්බර් 26 වනදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...