5 වන වරටත් IPL ශූරතාවය මහේලගේ මුම්බායි කණ්ඩායමට

Date:

පස්වැනි වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද(10) සමත් වුණා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඔවුන් අඛණ්ඩව ජයගත් දෙවැනි අයි.පී.එල් ශූරතාවය ද මෙය වීම විශේෂත්වයක්.

ඩුබායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ලි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

BCCI

ඒ අනුව ඔවුන් පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 156ක් ලබා ගනිමින්.

ඉනිමේ පළමු පන්දුවෙන්ම මාර්කස් ස්ටොයිනිස් දවා ගැනීමට ට්‍රෙන්ට් බෝල්ට් සමත් වුණා.

20යි 20 තරගයක පළමු පන්දුවෙන්ම ඔහු කඩුල්ලක් දවා ගත් පළමු අවස්ථාව එය වූ අතර, අයි.පී.එල් තරගාවලියක අවසන් මහා තරගයක පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දැවී ගිය පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.

BCCI

දිල්ලි ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 22කට දැවී ගියා.

අනතුරුව සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක සබදතාවයක් ගොඩ නැගීමට නායක ෂ්රෙයස් අයියර් සහ රිෂාබ් පාන්ට් සමත් වුණා.

ඉනිම් 15කින් වාර්තා කළ පළමු අර්ධ ශතකය රැස් කළ රිෂාබ් පාන්ට් ලකුණු 56ක් රැස් කළේ පන්දු 38කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමගින්.

ෂ්රෙයස් අයියර් පන්දු 50කින් නොදැවී ලකුණු 65ක් ලබා ගත්තා.(6×2, 4×6)

BCCI

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3ක් සහ නේතන් කොල්ටර්-නයිල් කඩුලු 2ක් බිද හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 18.4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 20කට දැවී ගියා.

නායක රෝහිට් ෂර්මා පන්දු 51කින් ලකුණු 68ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් සමගින්.

මුම්බායි ඉනිමේ දී සූර්යකුමාර් යාදෙව් ලකුණු 19කට දුවද්දී දැවී ගිය ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තේ ඔහු සිය කඩුල්ල නායක රෝහිට් ෂර්මා වෙනුවෙන් කැප කිරීම හේතුවෙන්.

BCCI

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා, මාර්කස් ස්ටොයිනිස් සහ Anrich Nortje එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මුම්බායි කණ්ඩායම ඉතිහාසගත වූයේ අඛණ්ඩව අයි.පී.එල් ශූරතා ද්විත්වයක් ජය ගත් දෙවැනි කණ්ඩායම ලෙසයි.

මීට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම 2010 සහ 2011 වසරවලදී අයි.පී.එල් ශූරතාවය අඛණ්ඩව ජය ගෙන තිබුණා.

ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි කණ්ඩායම මෙවර තරගාවලිය ද ඇතුළුව තරගාවලි 4ක් ක්‍රීඩා කර ඇති අතර, ඉන් අවස්ථා තුනකදීම ශූරතාවය ජය ගැනීමට මුම්බායි කණ්ඩායම සමත්ව තිබීම ද විශේෂත්වයක්.

මීට පෙර මුම්බායි කණ්ඩායම 2013, 2015, 2017 සහ 2019 යන වසරවලදී ශුරතාවය දිනා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...