කඩුලු 8ක ජයක් සමග පාකිස්තානයට පූර්ණ තරගාවලි ජයක් – Match Report

Date:

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර අද(10) පැවැති තෙවැනි තරගයෙන් ඔවුන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමත් සමගයි.

රාවල්පින්ඩිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් පන්දුවාර 20 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 129ක් ලබා ගනිමින්.

නායක චමූ චිබාබා ලකුණු 31ක් සහ ඩොනල්ඩ් ටිරිපානෝ ලකුණු 28ක් රැස් කළ අතර, සිය අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ එල්ටන් චිගුම්බුරා ලකුණු දෙකකට දැවී ගියා.

පන්දු යැවීමේ දී උස්මාන් කාදීර් ලකුණු 13කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩ කළ පාකිස්තානය පන්දුවාර 15.2ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සිය මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ අබ්දුල්ලාහ් ශෆික් නොදැවී ලකුණු 41ක් සහ කුෂ්දිල් ශාහ් නොදැවී ලකුණු 36ක් ලබා ගනිමින් පාකිස්තාන ඉනිම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස උස්මාන් කාදීර් සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...