අවේශ් රෝයල්ස් පිලටත්, දෙව්දත් සුපර් ජයන්ට්ස් කණ්ඩායමටත් අලෙවි කෙරේ

Date:

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අවේශ් ඛාන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙත අලෙවි කර තිබෙනවා.

ඊට අමතරව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු දෙව්දත් පඩික්කල් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම වෙත අලෙවි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියාවට එරෙහිව හෙට(23) ආරම්භ වන 20යි 20 තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතයට ද ඇතුළත්ව සිටින අවේශ් ඛාන් 2022 වසරට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දී සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 10 මුදලකටයි.

රෝයල්ස් කණ්ඩායම විසින් පඩික්කල්ට ගෙවනු ලැබූ මුදල ඉන්දීය රුපියල් කෝටි 7.75 ක්.

අවේශ් ඛාන් අයි.පී.එල් තරග 47 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී දවා ගෙන ඇති කඩුලු ගණන 55 ක්.

පඩික්කල් අයි.පී.එල් තරග 57 කදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 1521 ක්. ඒ, ශතකයක් හා අර්ධ ශතක 9 ක් සමගින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...