ගෞතම් ගම්භීර්ට අලුත් තනතුරක්

Date:

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ උපදේශක ලෙස එම කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ගෞතම් ගම්භීර් පත් කර තිබෙනවා.

එළඹෙන තරග වාරයේ සිට ඔහු එම ධූරයේ කටයුතු කිරීමට නියමිතව ඇති අතර, කොපමණ කාලයක් ඔහු උපදේශක ලෙස කටයුතු කරන්නේ ද යන්න පිළිබද මෙතෙක් අනාවරණය වී නැහැ.

2012 හා 2014 වසරවලදී කොල්කටා කණ්ඩායම අයි.පී.එල් ශූරතාවය දිනා ගත්තේ ද ගම්භීර්ගේ නායකත්වය යටතේයි.

2007 පන්දුවාර 20යි 20 ලෝක ශූරතාවය මෙන්ම 2011 එක්දින ලෝක ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ගෞතම් ගම්භීර් 2011 වසරේ දී නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග එක් වූ අතර, 2017 වසර දක්වා එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

එම කාලයේ දී නයිට් රයිඩර්ස් කණ්ඩායම අවස්ථා පහකදී අයි.පී.එල් තරගාවලියන්හි අවසන් වටයට (playoffs)  සුදුසුකම් ලබා ගත්තා.

මීට පෙර ගම්භීර් ලක්නව් සුපර් ජයන්ට්ස් හා ඩර්බන් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම්වල ද පුහුණු කාර්යය මණ්ඩලයේ කටයුතු කළා.

නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ Chandrakant Pandit.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...