ජාත්‍යන්තර තරගාවලියක් පාකිස්තානය දින නියමයක් නොමැතිව කල් දමයි

Date:

2024 වසරට යෙදී තිබූ පාකිස්තාන කණ්ඩායමේ නෙදර්ලන්ත තරග සංචාරය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ඉල්ලීමක් අනුව එය එලෙස කල් දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

2024 වසරේ මැයි මාසයේ දී පාකිස්තානය හා නෙදර්ලන්තය අතර මෙම සංචාරයේ දී 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබුණා.

යුරෝපා සංචාරයේ එක් අදියරක් වශයෙන් එම තරගාවලිය යෙදී තිබූ අතර, එම යුරෝපා සංචාරයට අයර්ලන්තයට එරෙහි 20යි 20 තරග 3ක් හා එංගලන්තයට එරෙහි 20යි 20 තරග 4 ක් ද ඇතුළත්.

ඇමෙරිකාවේ දී හා කොදෙව් දූපත් හී දී ජූනි මාසයේ දී ආරම්භ වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමේ අරමුණින් මෙම තරගාවලි යොදා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, තරග කාලසටහන් ඝට්ටනය හා ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කාර්යය බහුලතාවය සැලකිල්ලට ගනිමින් පාකිස්තානය නෙදර්ලන්ත තරග සංචාරය කල් දැමීමට තීරණය කර ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...