අවසන් පන්දුවෙන් වාර්තා වූ හතරේ පහරත් සමග සිඩ්නි කණ්ඩායම අවසන් මහා තරගයට

Date:

මෙවර ඔස්ට්‍රේලියානු බිග් බැෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ එළඹෙන 28 වනදා පැවැත්වෙන අවසන් මහා තරගයෙදී පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම සමගින් තරග වදින අනෙක් කණ්ඩායම තීරණය කිරීම වෙනුවෙන් අවසන් වටය යටතේ අද(26) පැවති Challenger තරගයෙන් කඩුලු 4 ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සමත්වුණා.

ඒ, ආරම්භක පිතිකරු Hayden Kerr ගේ විශිෂ්ඨ ඉනිමත් සමගයි.

සිඩ්නි කණ්ඩායම හමුවේ අද පැවැති තරගයෙන් පරාජයට පත්වුණේ ඇඩිලේඩ් ස්‍ට්‍රයිකර්ස් කණ්ඩායමයි.

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සිඩ්නි සික්සර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඇඩිලේඩ් ස්‍ට්‍රයිකර්ස් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ස්‍ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් බිඳ වැටී ලකුණු 167 ක් වාර්තා කිරීමට සමත් වුණා.

Jonathan Wells හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 62(47) ක් නොදැවී රැස්කළා.

Matt Renshaw පන්දු 20 කදී නොදැවී ලකුණු 36 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 02 ක් සහ හතරේ පහර 03 ක් සමගයි.

Ian Cockbain ලකුණු 48(42) යි. ඔහුගේ ඉනිමට හතරේ පහර සහ හයේ පහර 02 බැගින් ඇතුළත්

පන්දු යැවීමේදී ශෝන් ඇබොට් ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගත්තා. ස්ටීව් ඕකීෆ් එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

ලකුණු 168 ක ඉලක්කයක් හඹා ගිය සිඩ්නි සික්සර්ස් කණ්ඩායම කඩුලු 6 ක් බිඳ වැටී ඉනිමේ අවසන් පන්දුවේදී ජයග්‍රාහී ලකුණ වාර්තා කිරීමට සමත්වුණා.(170/6)

සටන්කාමී, විශිෂ්ඨ ඉනිමක් දියත් කළ ආරම්භක පිතිකරු Hayden Kerr පන්දු 58 කදී නොදැවී ලකුණු 98 ක් වාර්තා කළා.

ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 10 ක් සහ හයේ පහරවල් 02 ක් ඇතුළත්.

වේගවත් ඉනිමක් දියත් කළ ශෝන් ඇබොට් පන්දු 20 කදී ලකුණු 41 ක් වාර්තා කළා. ඒ, හයේ පහර 02 ක් සහ හතරේ පහර 02 ක් වාර්තා කරමින්.

පන්දු යැවීමේදී Harry Conway සහ Henry Thornton කඩුලු 02 බැගින් බිඳ හෙලුවා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ Hayden Kerr.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...