මාලිංගගේ පත් කිරීම තහවුරු කෙරේ ; පැවරුණු වගකීමත් ක්‍රිකට් ආයතනය පහදයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ උපාය මාර්ගික පුහුණුකරු (Bowling Strategy Coach) වශයෙන් ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(26) නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළා.

එම පත් කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඕස්ට්‍රේලියානු තරග සංචාරය සදහා පමණක් බලපැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට උපායශීලී අවබෝධයක් සහ තාක්ෂණික විශේෂඥ දැනුමක් ලබා දීම මාලිංගගේ කාර්යය භාරය වනු ඇති.

ඒ තුළින් උපාය මාර්ගික සැලසුම් තරග පිටියේ දී ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සහාය ලබා දීම ලසිත් මාලිංගට පැවරෙන වගකීමයි.

මාලිංගගේ අත්දැකීම් හා ඉනිමක අවසන් පන්දුවාර යැවීමේ ඔහුගේ ප්‍රවීණතාවය මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වනු ඇති බවටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාසය පල කරන්නේ.

“අපි සතුව ඉන්නවා ගොඩක් දක්ෂ තරුණ පන්දු යවන්නන්. ඔවුන්ගේ දියුණුවට උපකාර කිරීම සඳහා මගේ අත්දැකීම් සහ දැනුම බෙදා ගැනීමට ඇති අවස්ථාව ගැන මම ඉතා සතුටට පත්වෙනවා.” යනුවෙන් ලසිත් මාලිංග නව පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සදහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් මෙම පත් කිරීම සිදු කර ඇත්තේ ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ ද උපදෙස් අනුවයි.

පෙබරවාරි පළමු වැනිදා සිට 20 වැනිදා දක්වා ඔහු අදාළ ධූරයේ කටයුතු කරනු ඇති බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා

ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 5ක් පැවැත්වීමට නියමිතව ඇති අතර, පළමු තරගය පැවැත්වෙන්නේ පෙබරවාරි 11 වනදායි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...