දික්වැල්ලගේ හා කමිදුගේ සුපිරි ඉනිම් හමුවේ මහනුවරට කඩුලු 6ක ජයක්

Date:

ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම අද(26) සමත් වුණා.

යාපනය කණ්ඩායමට එරෙහිව කොළඹ SSC ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයෙන් මහනුවර කණ්ඩායම ජය වාර්තා කළේ කඩුලු 6කින්.

තරගයේ කාසියේ වාසිය දිනූ මහනුවර කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි යාපනය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 246ක් රැස් කළා.

ළහිරු තිරිමාන්න ලකුණු 56ක්, සන්තුෂ් ගුණතිලක ලකුණු 45ක් හා ජනිත් ලියනගේ ලකුණු 41ක් ලබා ගනිමින් යාපනය ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී නිපුන් රන්සික කඩුලු 3ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු හා පුලින තරංග කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායම පන්දුවාර 39.4 ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. (247/4)

නිරෝෂන් දික්වැල්ල ලකුණු 69(45)ක් හා පැතුම් නිස්සංක ලකුණු 32(45)ක් ලබා ගනිමින් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

පළමු කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා ගොඩ නැගූ සබදතාවය ලකුණු 105ක්.

දික්වැල්ලගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 7ක් ඇතුළත්.

කමිල් මිෂාර ලකුණු 34කට දැවී ගිය අතර, ඕෂද ප්‍රනාන්දු ලකුණු 18යි.

නායක කමිදු මෙන්ඩිස් ලකුණු 57ක් නොදැවී ලබා ගත්තේ පන්දු 45කින්. සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 28යි.

පන්දු යැවීමේ දී ශිරාන් ප්‍රනාන්දු කඩුලු 2ක් බිද හෙලූ අතර, නුවන් ප්‍රදීප් හා ජෙෆ්රි වැන්ඩර්සේ එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...