අලුත්ම ICC ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සෘජුවම සුදුසුකම් ලබයි

Date:

පළමු වරට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සංවිධාන කරන අයි.සී.සී වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023 වසරේ ජනවාරි මාසයේ දී දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එම තරගාවලිය සදහා කණ්ඩායම් සුදුසුකම් ලබා ගන්නා ආකාරය පිළිබද තොරතුරු ජගත් ක්‍රිකට් කවුන්සලය අද(1) නිවේදනය කළා.

මෙම ලෝක කුසලාන තරගාවලිය 2021 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එය 2023 වසර දක්වා කල් දැමීමට සිදු වූයේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන්.

අයි.සී.සී කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද 2023 වසරේ පෙබරවාරි මාසයේ දී දකුණු අප්‍රිකාවේ දී ම පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් 16ක් තරග වැදීමට නියමිතයි.

පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් 11 මෙම ලෝක කුසලානය සදහා මේ වන විටත් සෘජුවම සුදුසුකම් ලබා තිබෙනවා.

එනම්, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් හා සිම්බාබ්වේ යන රටවල්.

සුදුසුකම් ලබන සෙසු රටවල් 5න් 4ක් කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි ඔස්සේ ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගත යුතුයි.

කෙසේ වෙතත්, අමෙරිකා එක්සත් ජනපදය මේ වන විටත් සෘජුවම වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

ඒ, සුදුසුකම් ලැබීමේ තරගාවලි සදහා අමෙරිකානු කලාපයෙන් තරග කිරීමට සුදුසුකම් සපුරා ඇති එකම රට බවට අමෙරිකාව පත්ව ඇති බැවින්.

සුදුසුකම් ලබන අවසන් රටවල් 4 අතරට ඇතුළත් වීම සදහා රටවල් 19ක් තරග වදිනවා.

ආසියානු, යුරෝපා, නැගෙනහිර ආසියා පැසිෆික් හා අප්‍රිකා යන කලාප යටතේ සුදුසුකම් ලැබීමේ තරගාවලි පැවැත්වීමට නියමිතයි.

ලබන 3 වැනිදා සිට 9 වැනිදා දක්වා මැලේසියාවේ දී පැවැත්වීමට නියමිත ආසියානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලි ආරම්භ වනවා.

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...