සෞරව් ගංගුලි අලුත් ගමනක් අරඹයි ; සභාපති ධූරයෙන් ඉවත් වෙනවාද?

Date:

සෞරව් ගංගුලි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිධූරයෙන් ඉල්ලා අස් වන බවට පල වන වාර්තා අසථ්‍ය බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂාහ් පවසනවා.

ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව තහවුරු කළා.

සෞරව් ගංගුලි අද සිය ට්විටර් ගිණුමේ තබා තිබූ සටහනක් හේතුවෙනුයි ඔහු සිය ධූරයෙන් ඉවත්ව ඇති බවට වාර්තා පලව තිබුණේ.

“1992 වසරේ දී ක්‍රිකට් සමඟ මගේ ගමන ආරම්භ කර 2022 වසරට වසර 30ක් සපිරෙනවා. එදා ඉඳන් ක්‍රිකට් මට ගොඩක් දේවල් දුන්නා. වැදගත්ම දෙය නම් ඔබ සැමගේ සහයෝගය මට ලැබීමයි.” යනුවෙන් ගංගුලි සදහන් කර තිබුණා.

“මගේ ගමනේ කොටසක් වූ, මට සහාය වූ සහ අද මා සිටින තැනට යාමට මට උපකාර කළ සෑම පුද්ගලයෙකුටම ස්තූති කිරීමට මට අවශ්‍යයි. අද මම බොහෝ දෙනෙකුට උපකාර කළ හැකි යැයි හැඟෙන දෙයක් ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටිනවා. මම මගේ ජීවිතයේ මෙම පරිච්ඡේදයට ඇතුළු වන විට ඔබේ සහයෝගය දිගටම පවතිනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.”

ඔහු ඉදිරියේ දී දේශපාලනයට පිවිසීමේ අරමුණින් පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන ගංගුලි එරට ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට පත් වුණේ 2019 වසරේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...