පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 8ක පරාජයක්

Date:

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම අද(1) සමත් වුණා.

කරච්චි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත්, ඔවුන්ට පන්දුවාර 47.5ක් තුළ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි.

කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 49ක් හා ප්‍රසාදනී වීරක්කොඩි ලකුණු 30ක් රැස් කළා. චමරි අතපත්තු ලකුණු 25යි.

පන්දු යැවීමේ දී Ghulam Fatima ලකුණු 21කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 41.5 ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Sidra Ameen ලකුණු 76ක් රැස් කළ අතර, නායිකා Bismah Maroof නොදැවී ලකුණු 62යි.

පන්දු යැවීමේ දී අචිනි කුලසූරිය හා ඕෂදී රණසිංහ එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරග 3කින් යුත් මෙම එක්දින ක්‍රිකට් තරගාවලිය අයි.සී.සී කාන්තා ශූරතාවලිය යටතට ද අයත් වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...