අයහපත් කාළගුණය නිසා පාකිස්තාන – නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ වෙනසක්

Date:

පාකිස්තානය හා නවසීලන්තය අතර ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ මුල්තාන් හී දී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි තරගය කරච්චි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් ආයතන එකගතාවයකට එළඹ තිබෙනවා.

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අයහපත් කාළගුණ තත්ත්වය මේ වන විටත් ගුවන් ගමන් සදහා ද බලපෑම් එල්ල කර තිබෙනවා.

ඒ අනුව අයහපත් කාළගුණයෙන් තරගයට සිදු විය හැකි බලපෑම සැලකිල්ලට ගනිමින් දෙවැනි ටෙස්ට් තරගය මෙලෙස කරච්චි හී දී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර, දෙවැනි ටෙස්ට් තරගය හා එක්දින තරග 3 පැවැත්වීමට නියමිතව තිබූ දිනට වඩා එක් දිනකට පෙර පැවැත්වීමට ද දෙරටේ ක්‍රිකට් ආයතන එකගතාවයකට එළඹ තිබෙනවා.

Revised itinerary:

26-30 December – 1st Test, Karachi

2-6 January – 2nd Test, Karachi

9 January – 1st ODI, Karachi

11 January – 2nd ODI, Karachi

13 January – 3rd ODI, Karachi

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...