මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 10 දෙනා

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ(23) කෝචි හී දී නිමා වුණේ සියලු කණ්ඩායම් සදහා සිය සංචිත සම්පූර්ණ කර ගැනීම සදහා අවස්ථාව හිමි කර දෙමින්.

අප මීට පෙර ද වාර්තා කළ පරිදි මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී විදෙස් ක්‍රීඩකයින් 29 දෙනෙකු ඇතුළු ක්‍රීඩකයින් 80 දෙනෙකු මිලදී ගැනීමට කණ්ඩායම් 10 කළමණාකාරීත්වය විසින් පියවර ගත්තා.

Also Read : IPL වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 80 ක් අලෙවි වෙයි ; අලෙවි වූ හා නොවූ ක්‍රීඩකයින් මෙන්න

ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා සියලු කණ්ඩායම් විසින් වියදම් කර ඇති සමස්ත මුදල සටහන්ව ඇත්තේ ඉන්දීය රුපියල් 1,67,00,00,000 (කෝටි 167) ලෙසයි.

මෙවර වෙන්දේසියේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩක වෙන්දේසියකදී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිලට එංගලන්තයේ සෑම් කරන් අලෙවි වීම කැපී පෙනුණා.

ඔහුව පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 18.5 ක මිලකටයි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 81 ක පමණ වටිනාමක් වනවා.

ඔස්ට්‍රේලියාවේ කැමරන් ග්‍රීන් මෙම වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 17.5 කට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගත් අතර, එම මුදල ඉතිහාසගත වුණේ අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියකදී ක්‍රීඩකයෙකු අලෙවි වූ දෙවැනි ඉහළම වටිනාමක ලෙසයි.

මෙවර වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයන් 10 දෙනා පිළිබදවයි මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ.

  1. Sam Curran – Punjab Kings –  ₹18,50,00,000
  2. Cameron Green – Mumbai Indians – ₹17,50,00,000
  3. Ben Stokes – Chennai Super Kings – ₹16,25,00,000
  4. Nicholas Pooran – Lucknow Super Giants – ₹16,00,00,000
  5. Harry Brook – Sunrisers Hyderabad – ₹13,25,00,000
  6. Mayank Agarwal – Sunrisers Hyderabad – ₹8,25,00,000
  7. Shivam Mavi – Gujarat Titans – ₹6,00,00,000
  8. Jason Holder – Rajasthan Royals – ₹5,75,00,000
  9. Mukesh Kumar – Delhi Capitals – ₹5,50,00,000
  10. Heinrich Klaasen – Sunrisers Hyderabad – ₹5,25,00,000

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...